ගුරුවරියගේ නිරුවත් ඡායාරූපගත් ගුවන් නිලධාරියා අල්ලන්න වරෙන්තු...
Labels: Gossip Lanka, Latest News
මෙම පාසල් ගුරුවරියගේ වයස අවුදුරු 21 කි. ඇය කොළඹ පාසලක ගුරුවරියකි. මීට මාසයකට පමණ පෙර ඇය විවාහ වී තිබේ. සැකකාර ගුවන් හමුදා නිලධාරියා මෙම ගුරුවරියට හමු වී තිබෙන්නේ කොළඹ ප්‍රදේශයේ දී බව කොම්පඤ්ඤවීදිය පොලිසිය උසාවියට වාර්තා කර තිබේ.
මොවුන් දෙදෙනා කාලයක් කිට්ටුවෙන් ඇසුරු කර තිබෙන අතර එක් අවස්ථාවකදී ගුවන් හමුදා නිලධාරියා පාසල් ගුරුවරිය සිය වසගයට ගෙන ඇගේ නිරුවත් ඡායාරූප රැසක් ලබා ගෙන තිබෙන බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
පසුගිය මාසයේ විවාහයෙන් පසු ගුවන් හමුදා නිලධාරියා තමන්ට විවාහය අතහැර ඔහු සමග පළා යාමට පැමිණෙන ලෙසට බල කරන බවත්, එසේ නොකළහොත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇයගේ චරිතය අවමානයට පත් කරන බවට තර්ජනය කරන බවත් පවසමින් මෙම පාසල් ගුරුවරිය කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
එම පැමිණිල්ල අනුව කොටුව උසාවියට සිද්ධිය වාර්තා කළ කොම්පඤ්ඤවීදිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඊයේ (04) ඉල්ලා සිටියේය.
කොටුව මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ඉන් පසුවය. මොවුන් දෙදෙනා අතරේ සිදුවූ දුරකථන සංවාදවලට අයත් විස්තර වාර්තාවක්ද උසාවියට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කොම්පඤ්ඤවීදිය පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.
Posted by lankaland at Tuesday, July 09, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment